Presentation is loading. Please wait.

Presentation is loading. Please wait.

ආහාර පනත සහ රෙගුලාසි.

Similar presentations


Presentation on theme: "ආහාර පනත සහ රෙගුලාසි."— Presentation transcript:

1 ආහාර පනත සහ රෙගුලාසි

2 1980 අංක 26 දරන ආහාර පනත ප්‍රකාශයට පත් කළේ 1980 ජූලි 25 දින
1991 අප්‍රේල් 19 වෙනිදා අංක 20 දරන පනත මගින් සංශෝධනයට ලක් කරන ලදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

3 මෙම පනත මගින් ආහාර නිෂ්පාදන, ආනයනය, විකිණීම හා බෙදාහැරීම් කටයුතු පාලනය
ආහාර නිෂ්පාදන, ආනයනය, විකිණීම හා බෙදාහැරීම් කටයුතු පාලනය ආහාර උපදේශක කමිටුව ස්ථාපනය (Food Advisory Committee) මීට පෙර තිබූ ආහාර හා ඖෂධ පනත අවලංගු වීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

4 ආහාර පනත ප්‍රධාන පරිච්ඡේද 4 කට බෙදා ඇත
ආහාර හා සම්බන්ධ තහනම් නියෝග පරිපාලනය නීති ක්‍රියා මාර්ග පොදු කාරණා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

5 Part I Rules on Prohibition on Manufacture, Importation, Sale and Distribution of Food කාණ්ඩ අංක 2(1) යටතේ, පහත අවස්ථාවන්හි ඇති ආහාර යම් පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හා බෙදාහැරීම නොකළයුතු ලෙස දන්වා ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

6 සෞඛ්‍යයට අහිතකර, ස්වභාවික හෝ එකතු කල සංඝටක හෝ අඩංගු ආහාර
සෞඛ්‍යයට අහිතකර, ස්වභාවික හෝ එකතු කල සංඝටක හෝ අඩංගු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර පූර්ණ හෝ කොටසක් අපිරිසිදු, කුණු වූ, නරක් වූ හෝ කෘමි ආසාදිත ආහාර කවලම් කරන ලද ආහාර පනත/රෙගුලාසි මගින් අනුමත නොකල සංඝටක එකතු කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

7 කාණ්ඩ අංක 2(2) ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම හෝ ඇසිරීම හෝ අනාරක්ෂිත සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ නොකල යුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

8 කාණ්ඩ අංක 2(3) අනාරක්ෂිත සනීපාරක්ෂිත තත්ත්ව යට‍තේ නිපදවන ලද, සකස්කල, අසුරන ලද හෝ ගබඩා කල ආහාර ආනයනය කිරීම, විකිණීම හෝ බෙදාහැරීම නොකලයුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

9 Labelling, Packaging, Advertising etc.
කාණ්ඩ අංක 3 අනුව, ආහාරයක් විකිණීම, ලේබල් කිරීම, ඇසිරීම හෝ ප්‍රවාහන ක්‍රියාවලියේදී හෝ එම ආහාරයේ ගුණය, වට්නාකම, සංයුතිය, තත්ත්වය, ආරක්ෂාකාරී බව පිළිබඳ සාවද්‍ය තොරතුරු හෝ වැරදි වැටහීමක් හැ‍‍‍ඟෙනා තොරතුරු හෝ ඉදිරිපත් නොකල යුතුය ආහාර පනත යටතේ ලේබල්/ඇසුරුම් කිරීමේ රෙගුලාසි ප්‍රකාශයට පත්කොට ඇත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

10 කාණ්ඩ අංක 4 යම් ආහාරයක් සඳහා ප්‍රමිතියක් නියම කර ඇති විටෙක, එම ප්‍රමිතියට අනුකූල නොවන ආහාර ලේබල් කිරීමේදී, ඇසිරීමේදී, විකිණීමේදී හෝ ප්‍රවාහනයේදී හෝ ප්‍රමිතියට අනුකූල බව හැඟවෙන පරිදි කටයුතු නොකල යුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

11 කාණ්ඩ අංක 5 නිසි අවසරයකින් තොරව (CFA හෝ බලයලත් නිලධාරියකුගේ ලිඛිත අවසරයක්), මනුෂ්‍ය භාවිතයට නුසුදුසු ආහාර, සත්ත්ව ආහාර හෝ වෙනත් කටයුත්තකට විකිණීම, විකිණීම සඳහා තැබීම නොකලයුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

12 Warranty / Licensing ආහාර නිෂ්පාදකයා, බෙදාහරින්නා හෝ නියෝජිතයා විසින් වෙළෙන්දා සඳහා එම ආහාරයේ ස්වභාවය, ද්‍රව්‍ය හා තත්ත්වය පිළිබඳ වගකීමක් ලබාදිය යුතුය. අදාල තොරතුරු අඩංගු වන්නේ නම්, බිල්පතක්/ඉන්වොයිසියක් වුවද මේ සඳහා භාවිතා කලහැක. නිසි අවසර පත්‍රයක් රහිතව ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, ඇසිරීම හෝ ගබඩා කිරීම හෝ යම් ස්ථානයක නොකල යුතුය. පැහැදිලි ලෙස අවසරයක් ලබාගත් ආහාරයන් සඳහා පමණක් සීමා වියයුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

13 ආහාර (ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝග 2005
කිසිම පුද්ගලයෙකු විසින්, ඇසුරුමක හෝ බහාලුවක අඩංගු කුමන හෝ ආහාරයක්, එම ඇසුරුම/බහාලුව මෙම නියෝග අනුව ලේබල්කර නොමැතිනම් එය විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීම පිණිස තබාගැනීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම සඳහා පුචාරය කිරීම නොකලයුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

14 ලේබලය ලේබලය, ආහාර අඩංගු ඇසුරුමේ හෝ බහාලුවේ හෝ ප්‍රධාන රාමුවේ නොමැකෙන ලෙස මුද්‍රණය කොට හෝ පින්තාරු කොට හෝ අලවා හෝ තිබියයුතුය. නිෂ්පාදකයකු හෝ ඇසුරුම්කරු විසින් ඇසුරුමේ මුද්‍රණය කරන ලද, සටහන් කරනලද හෝ ප්‍රදර්ශනය කරන ලද මුල් නිෂ්පාදිත දිනය, ඇසුරුම් කිරීමේ හෝ කල් ඉකුත්වීමේ දිනය දුර්වර්ණ කිරීම, විකෘති කිරීම, මකාදැමීම හෝ විනාශ කිරීම කිසිවකු විසින් නොකල යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

15 ඇසුරුමේ/බහාලුවේ ප්‍රධාන රාමුවේ පහත සඳහන් ප්‍රකාශයන් සඳහන් වියයුතුය
අවම වශයෙන් භාෂා තුනෙන් කුමන හෝ භාෂා දෙකකින් පමණක් බහාලුවේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ පොදු නාමය පැහැදිලි ඝන අකුරින් වර්ග නාමයක් හෝ වෙළඳ නාමයක් තිබේනම්, භාෂා තුනෙන‍් කුමන හෝ භාෂා එකකින් හෝ වැඩි ගණනකින් මහජනයා නොමග නොයන අයුරින් ඇසුරුමේ / බහාලුවේ ශුද්ධ අන්තර්ගතය ජාත්‍යන්තර සංකේත ඇසුරෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

16 පහත සඳහන් විස්තර භාෂා තුනෙන් කවර හෝ එක් භාෂාවකින් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් කුමන හෝ රාමුවක දැක්විය යුතුය කුමන හෝ අවසරලත් ආහාර ආකලන ද්‍රව්‍ය නම් වශයෙන් හෝ “අයිඑන්එස්” ක්‍රමයෙන්. ගබඩා කිරීම පිළිබඳව සහ භාවිතා කිරීම පිළිබඳව උපදෙස් ඇත්නම් එම උපදෙස් ශ්‍රී ලංකාව තුළ වූ නිෂ්පාදකයාගේ සහ ඇසුරුම්කරුගේ හෝ බෙදාහරින්නාගේ නම, ලිපිනය ඛාණ්ඩ අංකය හෝ සංකේත අංකය හෝ රහස් සංකේත සටහන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

17 ආනයනය කරන ලද ආහාර සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදනය කළ රට
කාළය ඉකුත්වීමේ දිනය නිෂ්පාදනය කළ දිනය ආහාර තොග වශයෙන් ආනයනය කොට නැවත ඇසුරුම් කරනු ලබන විටක නිෂ්පාදනය කළ දිනය සහ යළි ඇසුරුම් කරන ලද දිනය එවැනි ආහාරයක අඩංගු සංඝටක වල සම්පූර්ණ ලැයිස්තුවක් ඒවා සඳහා භාවිතා කරනු ලබන පොදු නම් වලින්, යොදාගනු ලබන ප්‍රමාණයන්ට අනුව අවරෝහණ ක්‍රමයට ආනයනය කරන ලද ආහාර සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදනය කළ රට මෙම නියෝගය යටතේ දක්වා ඇති වෙනත් ප්‍රකාශයන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

18 කිසිම පුද්ගලයකු විසින් ආහාර විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම, විකිණීමට ප්‍රදර්ශනයකිරීම හෝ විකිණීම පිණිස තබාගැනීම, විකිණීම පිණිස ප්‍රවාහනය කිරීම කාලය ඉකුත්වීමේ දිනයෙන් පසුව නොකල යුතුය යම් ආහාරයකට අදාල ලේබලයක, ඒ ආහාරය මිලදීගන්නා හෝ පාරිභෝගිකයා හෝ රවටන හෝ නොමඟ යවන ආකාරයට හෝ ඒ ආහාරය පිළිබඳ ව්‍යාජ හිමිකම් පෑමක් හෝ නොමඟ යවන සුළු විස්තරයක් අන්තර්ගත නොවිය යුතුය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය


Download ppt "ආහාර පනත සහ රෙගුලාසි."

Similar presentations


Ads by Google